මුත්‍රා ගල් නසන අත්බෙහෙත්
.මෙය බොහෝ දුරට කැල්සියම් වැඩි වීම නිසා ඇතිවන රෝගයකි. ඊට අමතරව පරම්පරාවෙන් හෝ ස්වාභාවිකව ඇතිවන අයද
සිටිති. බොහෝදුරට ලංකාවේ උතුරු මැද පළාතේ හිරිගල් බහුල ජලය පානය කරන අය මෙම රෝගයට ගොදුරු වේ. මෙහිදී වන්නේ කැල්සියම් කොටස් මුත්‍රාශයේ තැන්පත් වීමයි. කම්කරුවන් වැනි ශරීර ශක්තිය වෙහෙසවන අය නිතරම ජලය පානය කළත් දහදිය නිසා මුත්‍රා කිරීම අඩුය. මේ නිසා එවැනි අයගේ මුත්‍රාශය තුළ කැල්සියම් තැන්පත් වේ. කලක් ගිය පසු එය ගලක් බවට පත්වේ. මුත්‍රාශයේ, මුත්‍රා මාර්ගයේ හා වකුගඩුවලද මෙසේ කැල්සියම් තැන්පත් වීම සිදුවේ.
ලක්‍ෂණ
• මුත්‍රා දැවිල්ල
• නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වුවත් අවශ්‍ය ප්‍රමාණයට පිට නොවීම
• සමහර අවස්ථාවල මුත්‍රා ගල ප්‍රමාණයෙන් විශාල නම් මුත්‍රා නාළ කැපී ලේ වහනය වීම
• අධික වේදනාව
බලපෑම
• නිතර මුත්‍රා කිරීමට සිදුවීම
• මුත්‍රා අඩස්සිය ඇති වීමට ඉඩ තිබීම
• මුත්‍රා කිරීමේ අපහසුව
ප්‍රථමාධාර
• ලුණුවරණ ගසේ පොතු තම්බා බීම, මිරිස්, තුනපහ අඩුවෙන් දමා රාබු ආහාරයක් ලෙස ගැනීම
• අක්කපාන කොළ අමුවෙන් සලාද ලෙස ගැනීම
• කටු අනෝදා ආහාරයට ගැනීම
• නිතර පිරිසුදු ජලය වැඩිපුර පානය කිරීම
ආයුර්වේද වෛද්‍ය, සර්ප විෂ වෛද්‍ය,
වෛද්‍යාභිමානී එල්. ජී. වික්‍රමසිංහ
හඳහන බ්ලොග් අඩවියෙන් උපුටා ගැනීමකි
No comments:
Post a Comment
හායි