සුරාපානයේ මිහිපිට ආදීනව මෙන්න
1. ලිංගික බෙලහීනතාව
2. ස්නායු දුර්වලතාව
3. අර්ශස්
4. වකුගඩු රෝග
5. (ස්ත්‍රීන්ට ) ගබ්සා වීම
6. කාන්සාව
7. හිසේ අමාරුව
8. ඇස් පෙනීම දුර්වල වීම
9. ගොත ගැසීම
ඒ ශාරීරික වශයෙනි. එසේම සමාජයීය වශයෙන්ද බොහෝ ගැටලු සමාජයේ ඔබ දැක ඇත.
ඔබට මත්පැන්වලින් මිදීමට අවශ්‍ය නම් ඔබේ සැමියා, පියා, සොයුරා, පුතා, හිතවතා මත්පැන්වලින් මුදාගන්නට අවශ්‍ය නම් පළමුව ‘වේවැල අතට නොගෙන’ හොඳින් කරුණු වටහා දෙන්න. එසේ නොමැති නම් මේ ප්‍රතිකාර කරන්න.
උදය පාන්දර එක්රැස්වී පිනිදිය (මෙය වෙළෙඳපොළේ ඇති පිනිදිය නොවේ) එක් කරන්න. වැස්ස නොමැති දිනයක මෙය සිදු කළ යුතුයි. හබරල කොළ මත පැහැදිලිව දැකගත හැකිය. නැතහොත් එළිමහනේ සුදු පොලිතින් කොළයක් එළා මේ පිනිදිය රැස්කර ගත හැකිය. ඒ පිනිදිය සුදු රෙදි කඩකින් රැස්කර ඒ රෙදි කැබැල්ල මිරිකා තේ හැඳි දෙකක් පමණ එකතු කර ගන්න. ඒ පිනිදිය මත්පැන් බෝතලයට එක් කරන්න. එවිට ඉබේටම මත්පැන් එපාවනු ඇත.
දෙවැනි ක්‍රමය නම් මාස තුනකට වඩා අඩු දරුවකු සිටින මවකගේ මවුකිරි බින්දු ස්වල්පයක් ලබාගෙන මත්පැන් බෝතලයට දමා තබන්න එවිට පානය කළ පසු එය එපාවනවා ඇත.
විශ්‍රාමලත් විදුහල්පති (විශ්ව කීර්ති ජේයාතිෂ විද්‍යා ප්‍රසාදිනි)
පේරාදෙණියේ එස්. වීරරත්න
මව්බිම පුවත්පත
No comments:
Post a Comment
හායි